සිංහල යාච්ඤාවන් හා භක්ති අභ්‍යාස
පහත ශුද්ධාත්ම යාච්ඤාවෙන් ආරම්භ කොට ඉන් පසු ඔබට ගැලපෙන යාච්ඤාවක් තොරාගන්න.
ශුද්ධාත්ම යාච්ඤාව
ජේසු ක්‍රිස්තු සිවාමිනී, පියාණන් වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබගේ ස්ප්‍රීතුව ලොව පුරා දැන් එවනු මැනව.
ශුද්ධාත්මයාණෙනි සෑම දේශයකම මනුශ්‍යන්ගේ සිත්වලට වැඩම කල මැනව. මිනිසුන් ක්‍රමක්‍රමයෙන් යුද්ධයෙන් හා
අනතුරුවලින් විනාශවීමෙන් වලකාගත මැනව.
එදා මරියතුමිය පමණක් වූවත් අද සෑම දේශයකම මාතාවෙනි,
අපට මඟපෙන්වුව මැනව.
– ආමෙන්.
යහපත් සහකරුවකු සහකාරියක් ලබා ගැනීමට යාච්ඤාව
ආදර ගර්භවාස මාතාවෙනි, දේව අභිමතය පරිදි, ජුසේතුමන් ඔබ ආදර දේවසහකරු ලෙස ඔබ හා ජීවත්වීමට වරම් ලැබූසේකවේද?
එම යහපත් සහකරුවා හා ආදර්ශවත් පවුල් දිවියක් ගතකළ හැකි වූවාසේ ඔබවෙත පැමිණ ඉතා විශ්වාසයෙන් යදින්නාවූ මා හට
දේව භක්තිය ඇති යහපත් ස්වාමිපුරුෂයකු/භාර්යාවක් ලබාගැනීමට පිහිටවුව මැනව.
– ආමෙන්.
(ඔබෙ බලාපොරොත්තු සදහා පව්කාරයන් වෙනුවෙන් ජපමාලයක් ගර්භවාස මාතාවන්ට ඔප්පු කරන්න.)
දරු සම්පතක් බලාපොරොත්තු වන්නන්ගේ යාච්ඤාව
ආදර ගර්භවාස දේවමාතාවෙනි, ඔබකෙරෙහි විශ්වාසය තබා ඔබගේ පිහිටපතා ඔබ වෙත දිව එන්නෝ කෙතරම් වෙත්ද? මෙසේ ඔබවෙත පැමිණ විශ්වාසයෙන් ඉල්ලා සිටින මගේ උත්තරීතර බලාපොරොත්තුව වන දරු සම්පත ලබා දීමට ඔබ මැදිහත්කාරිය වුව මැනව.
– ආමෙන්.
(ඔබේ බලාපොරොත්තු සදහා අසරණ පව්කාරයන් වෙනුවෙන් ජපමාලයක් ගර්භවාස මාතාවන්ට ඔප්පුකරන්න)
ගර්භනී මව්වරුන්ගේ යාච්ඤාව
අතිශුද්ධවූ මරියනි, ගර්භවාස දේවමාතාවෙනි, ජේසුතුමන් වන සැබෑ දෙවියන් ඔබගේ කුසතුළ දරා සිටින්නට ඔබ හේතුවන්තවූ සේක්වේද? ජේසුතුමන් ආරක්ෂා කරගත්තාක් මෙන් මෙලොව වසන සැම ගර්භනී මාතාවක්ම ආශිර්වාද කළ මැනව. අද මේ දරුවකු කුසතුළ දරා සිටින මා වෙතත්, මාගේ මේ දරු ගැබටත් ආශිර්වාද දානය කළ මැනව. මාගේ දරු ප්‍රසූතියෙදී ධෛර්යයද, වේදනාව දරාගැනීමේ ශක්තියද සැනසීමද මට දානය කළ මැනව.
– ආමෙන්.
(ඔබේ බලාපොරොත්තු සදහා අසරණ පව්කාරයන් වෙනුවෙන් ජපමාලයක් ගර්භවාස මාතාවන්ට ඔප්පුකරන්න)
බාල වයස් දරුවන් වෙනුවෙන් යාච්ඤාව
ආදර දේවමෑණියනි, ගර්භවාස දේවමාතාවෙනි, ඔබතුමිය ළදරු ජේසු කුමරා කිසි දුක් පීඩාවක් නොමැතිව හදා වඩා ගත් සේක් වේද? එලෙසින්ම ඔබගේ පිහිට ඉල්ලා සිටින මෙම දරුවාද කිසි රෝග පීඩාවක්, අනතුරක් හෝ වෙනත් කරදරයක් නොමැතිව ඇති දැඩි වී වැඩිවිය පත්ව ඔබට ස්තෝත්‍ර කියන්නට හැකිවන ලෙස ආශිර්වාද කළ මැනව.
– ආමෙන්.
(ඔබේ බලාපොරොත්තු සදහා අසරණ පව්කාරයන් වෙනුවෙන් ජපමාලයක් ගර්භවාස මාතාවන්ට ඔප්පුකරන්න)